Citizen.lk
 

ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2018 තරඟයේ අවසන් 15 දෙනා තෝරාගනී - අවසන් වටය විනිශ්චයට 2017 ලෝක විවාහක රූ රැජිණත් එයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2018 තරඟයේ අවසන් 15 දෙනා තෝරාගනී - අවසන් වටය විනිශ්චයට 2017 ලෝක විවාහක රූ රැජිණත් එයි | Mrs Sri Lanka World Chandimal Jayasinghe Special Speech
Mon 06 August 2018 3:20 pm
962 views

ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ 2018 ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන රූමතිය තේරීම සඳහා ඉතිරිපත් වූ බවට මීට පෙර අප ඔබවෙත තොරතුරු ගෙන ආවා.

මේ වන විට එහි මූලික වටයේ තරඟ පවත්වා ඇති අතර එයින් 15 දෙනෙකු අවසන් වටයන් සඳහා සුදසුකම් ලබා තිබෙනවා.

රෝසි සේනානායක මහත්මිය විසින් මෙම ලෝක විවාහක රූ රැජින තේරීමේ අයිතිය ලංකාව වෙනුවෙන් චන්දිමාල් ජයසිංහ වෙත පිරිනමනු ලැබුවේ පසුගියදා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ත්‍යාගයක් පිරිනමමින්.

මෙම තරඟය සඳහා අනුග්‍රහය දක්වන්නේ රාජා ජුවලර්ස් වීමද විශේෂත්වයක් වන අතර එහිදී තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් තේරීපත් වෙන රූමතියට මිලියන 30ක් වටිනා කිරුළක් පලඳවන්නට ඔවුන් කටයුතු සංවිධාන තිබෙනවා.

මෙම වටිනා කිරුළට අමතරව ජයග්‍රහණය කරන රූමතියට ප්‍රංශ සංචාරයක්ද ලබා දීමට චන්දිමාල් ජයසිංහ කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙම තරඟයේ අවසන් වටය අධීක්ෂණය මෙන්ම විනිශ්චය මණ්ඩලය සඳහා පසුගියවර විවාහක ලෝක රූ රැජින ලෙසින් තේරීපත්වූ රූමතියද ලංකාවට පැමිණීමට නියමිතබවයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ අවසන් 15 දෙනා තෝරාගත් අවස්ථාවේ කොළඹ කින්ස්බරි හෝටලයේදී මාධ්‍ය අමතමින් චන්දිමාල් ජයසිංහ කළ කතාවයි....

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News