Citizen.lk
 

වෛද්‍යවරුන්ගේ බදු අඩුකරන තීරණයක් නෑ - මුදල් ඇමැති

වෛද්‍යවරුන්ගේ බදු අඩුකරන තීරණයක් නෑ - මුදල් ඇමැති | No decision on reducing taxes for doctors - Minister of Finance
Tue 07 August 2018 8:48 am
79 views

වෛද්‍යවරුන්ගේ හෝ කිසිදු වෘත්තිකයකුගේ හෝ ආදායම් බදු ප්‍රතිශතය අඩුකිරීමට තීරණයක් ගෙන නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

එවැන්නක් කිසිසේත් කළ නොහැකි බවත් දේශීය අදායම් පනතට අනුව මෙතෙක් අයකරන බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදු නොකරන බව ඇමැතිවරයා කියා සිටියේ.

සෞඛ්‍ය ඇමැතිවරයා සහ විශේඥෙ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ඉකුත් සිකුරාදා (3) පැවැති සාකච්ඡාවකදී අදායම් බදු ප්‍රතිශතය වෙනස් කිරීමක් ගැන තීන්දුවක් නොගෙන ඇති බවයි වර්තා වන්නේ.

වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි මේ වන විට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News