Citizen.lk
 

බැතිමතකුගේ හිස පැලූ දෙවිනුවර දේවාලයේ කපුවා රිමාන්ඩ්

බැතිමතකුගේ හිස පැලූ දෙවිනුවර දේවාලයේ කපුවා රිමාන්ඩ් | Kopuwa remanded in Devinuwara Devalaya
Tue 07 August 2018 9:37 am
166 views

තම ත්‍රිරෝද රථයට පඬුරක් බැඳීම සඳහා පිරිසුදු රෙදි පටියක් දෙන ලෙස ඉල්ලූ බැතිමතකුට පහරදී ඔහුගේ හිසට තුවාල සිදුකළ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපුවා ගන්දර පොලිසිය මඟින් ඊයේ (06) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇසළ උළෙලේ කෝල්මුර තොවිලය පැවැත්වූ පසුගිය 03 වැනිදා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ හොරපාවිට බමුණුගම පදිංචි බුද්ධික කුමාර (44) නමැති සිවුදරු පියෙකි.

සෑම වසරකම ඇසළ උත්සවය ආරම්භ වූ විගස දේව ආශීර්වාදය සඳහා සිය පවුලම දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණ ආශීර්වාද ලබා ගන්න ගියා, මෙවරද රාත්‍රි 9ට පමණ දේවාලයට පැමිණ වන්දනාමාන කරා, ත්‍රිරෝද රථයේ පඬුරු අලුත් කිරීමට සුදුරෙදි කැබැල්ලක් වුවමනා බව පැවසුවා ඔහු ප්‍රධාන කපුවාගෙන් රෙදි පටියක් ඉල්ලා සිටි විට ඔහුගේ කම්මුලට පහරදී පසුව යකඩ බන්දේසියකින් හිසට දමා ගසා තිබෙනවා.

මෙම පහරදීම හේතුවෙන් ඔහුගේ හිසේ කැපුම් තුවාලවලට මැහුම් හයක් දැමූ බව රෝහල් ආරංචි මාර්ග පවසන අතර අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (06) සවස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 9දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කීරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News