Citizen.lk
 

නෑනාගේ පෙම්වතා සමඟ හටගත් බහින්බස් වීමකින් විවාහක කතකට ඇසිඩ් ප්‍රහාරයක්

නෑනාගේ පෙම්වතා සමඟ හටගත් බහින්බස් වීමකින් විවාහක කතකට ඇසිඩ් ප්‍රහාරයක් | sirasthala brawl with acid for acid husband
Tue 07 August 2018 9:48 am
116 views

සිය නෑනන්ඩියගේ පෙම්වතා සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑම නිසා 32 හැවිරිදි විවාහක කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කියන සිද්ධියක් දෙබත්ගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ බව කියන කාන්තාව පිළිස්සුම් තුවාල සහිතව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අරණායක පොලීසිය පවසන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අදාළ කාන්තාවගේ නිවෙසට පැමිණි අවස්ථාවේ ඔහු සමඟ පෙමින් බැඳුණු නෑනණ්ඩිය එහි නොමැති බව පැවැසීමෙන් පසු ඇතිවූ බහින් බස්වීමෙන් පසු ඔහු තමන් පැමිණි වාහනයේ සඟවා තිබූ ඇසිඩ් ගසා තිබෙනවා.

වහරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු යැයි කියන සැකකරු සිය සගයන් දෙදෙනකුද සමඟ පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර සිද්ධියෙන් පසු ඔවුන් තිදෙනා ප්‍රදේශය හැර පලාගොස් ඇත්තේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News