Citizen.lk
 

විදෙස් මාධ්‍යවේදීන් මන්නාරම සමූහ මිනීවලට හදිසියේම ඇවිත්, තවත් Channel 4 වැනි වැඩක්දැයි සැක ?

විදෙස් මාධ්‍යවේදීන් මන්නාරම සමූහ මිනීවලට හදිසියේම ඇවිත්, තවත් Channel 4 වැනි වැඩක්දැයි සැක ? | Foreign Journalist Team Came to Mannar grave Search
Tue 07 August 2018 10:07 am
86 views

පසුගියදා සොයාගනු ලැබූ මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආශ්‍රිතව වීඩීයෝ පටයක්‌ නිර්මාණය කිරීම සඳහා විදෙස් රූපවාහිනියක පිරිසක් ලංකාවට පැමිණ ඇති බවට දැනගන්නට ලැබෙනවා. මෙම කණ්ඩායමේ 4දෙනෙකු සිට ඇති අතර ඊයේ (6) දහවල් ඔවුන් මන්නාරම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

මෙම ස්ථානයේ රූගත කිරීම් සිදුකිරීමට නම් අධිකරණයේ අවසර ගත යුතු අතර මේ පිළිබඳව තතු දත් පිරිස් පවසන්නේ මෙම විදෙස් නාළිකාවේ පිරිස් පැමිණ ඇත්තේ චැනල් 4 නාළිකාවේ මෙන් ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බවයි.

මෙම කණ්ඩායම ඊයේ පස්වරුවේ මහාචාර්ය රාඡ් සෝමදේව මහතා හමුවී කැණීම් කටයුතුවල තොරතුරු සහ හමුවූ අස්‌ථි කොටස්‌වල ඇති සලකුණු ගැනද ප්‍රශ්න කර තිබෙන බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News