Citizen.lk
 

කතානායකගේ අවසන් තීරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි

කතානායකගේ අවසන් තීරණයට පෙර ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි | The Joint Opposition will meet before Speaker's decision
Tue 07 August 2018 12:47 pm
337 views

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට පැවැත්වෙනවා.

ඒ පාර්ලිමේන්ත මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂනායක ධුරය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට හිමිවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් ඒකමතික තීරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

දෙමළ ජාතික සන්ධානය වර්තමානයේ ආණ්ඩුවේ පාර්ශ්වයක් බවට පත්ව ඇති එහෙයින් විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීමක්ද අද පස්වරුවේ පැවැත්වෙනවා. විපක්ෂ නායක ධූරය පිළිබද අවසන් තීරණය කථානායක කරු ජයසූරිය මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News