Citizen.lk
 

දකුණු ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයෙකු වු කරුණාධි අභවප්‍රාප්ත වෙයි - PHOTOS

දකුණු ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයෙකු වු කරුණාධි අභවප්‍රාප්ත වෙයි - PHOTOS | A powerful politician in south India has passed away karuna nidi
Tue 07 August 2018 8:43 pm
442 views

තමිල්නාඩුවේ හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා.

චෙන්නායි හි පෞද්ගලික රෝහලක මාසයකට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබූ ඔහුගේ වයස අවුරුදු 94ක්.

මේ වන විට ඔහුගේ සිරුර චෙන්නායි හි පිහිටි කව්වේරි රෝහලේ තබා තිබෙන අතර රෝහල අවට දැඩි පොලිස් ආරක්ෂාවකද යොදවා ඇති බව ඉන්දියාවෙන් ලැබෙන වාර්තා වල සදහන්.

කරුණාධි යනු දකුණු ඉන්දීය දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් සිදු කළ අයෙකි.

1969 සිට 2011 දක්වා තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය පස් වතාවක් හොබවා තිබෙනවා.

ඔහු තමිල්නාඩු ප්‍රාන්තය තුළ තරග කළ මැතිවරණ 13කින් ජය ගෙන ඇති අතර කරුණාධි යනු දමිළ සිනමාවේ තිර පිටපත් රචකයෙකු ලෙසද නමක් දිනා ගත් අයෙකි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

eliya pitakotte gotabhaya video | පොලිස්පති ගැන තීරණයක් ගන්න බැරි බලයක් නැති ආණ්ඩුවක්.

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News