Citizen.lk
 

උසාවියට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව අද

උසාවියට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව අද | Gnanasara Thero's verdict today
Wed 08 August 2018 9:08 am
88 views

මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධව නඩුව හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී ඊට බාධාවෙන අන්දමට හැසිරීමෙන් උසාවියට අපහාසයක්‌ කළැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද (8 දා) පෙරවරු 9.45 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 
 
 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරනු ලැබුවේ 2016 වසර මුලදී හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසිනි. අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ ශිරාන් ගුණරත්න මහතාගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ නඩු විභාගය පැවැත්වේ.
 
 නඩු විභාගයේදී දෙපාර්ශවයෙන්ම සාක්‌ෂි ඉදිරිපත් වූ අතර නීතිඥවරු චාචිකව සහ ලිතව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ. නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතායි.
 
 ඔහු කියා සිටියේ නඩු විභාගයක්‌ පැවැත්වෙන විට ඊට බාධාවෙන අන්දමට හැසිරීම අපරාධ නීති සංග්‍රහයේ සඳහන් බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවයි. නඩුවකට පෙනී සිටින නීතිඥයකුට හැර වෙනත් කිසිවෙකුට අවසරයකින් තොරව උසාවිය ඇමතීමට අයිතියක්‌ නැති බවත් උසාවියට බාධාකිරීමේ ෙච්තනාවක්‌ නැතිව වුවද උසාවියේ කටයුතුවලට බාධා වෙන ආකාරයට හැසිරී ඇත්නම් එය වරදක්‌ බවත් ඥානසාර හිමියන් ඒ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ කර ඇති ප්‍රකාශවලින් උසාවියට බලපෑමක්‌ කර ඇති බවත්ය. 
 
 විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කියා සිටියේ දඬුවම් ලැබීමට තරම් බරපතළ වරදක්‌ උන්වහන්සේ කර නැති බවයි.
 
 එදා උන්වහන්සේ උසාවිය අමතා ප්‍රකාශය කර ඇත්තේ ඉතා ගරුසරව ඇතිව zගරු ස්‌වාමීනිZ යයි විනිසුරුවරයා ඇමතීමෙන් පසුව බවත් නඩුවේ සැකකරුවන් වූ හමුදා නිලධාරීන් කීපදෙනා ඇප පිට මුදා හරින්නැයි උන්වහන්සේ ඉල්ලා ඇති බවත් හෙතෙම කියා සිටියේය. ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමෙන් පසුව ඒ තීන්දුව පිළිගන්නේ නැතැයි උන්වහන්සේ ප්‍රකාශ කර ඇති බවත් උසාවියට අපහාස කිරීමේ හෝ විනිසුරුවරයා අපහසුවට පත්කිරීමේ හෝ ඔහුට බලපෑම් කිරීමේ ෙච්තනාවක්‌ එසේ කර ඇති බවට කිසිසේත්ම සැලකිය නොහැකි බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News