Citizen.lk
 

ආන්ඩුව රටේ හමුදා පාලනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා - මහින්ද රාජපක්ෂ කඩවතදී කියයි

ආන්ඩුව රටේ හමුදා පාලනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම්  වෙනවා - මහින්ද රාජපක්ෂ කඩවතදී කියයි  | The government is preparing for military rule - mahinda rajapaksha
Wed 08 August 2018 10:33 am
168 views


වසර එකසිය පනහක කාලයක් තිස්සේ පොලිසිය සිදුකළ සිවිල් හා අපරාධ නඩු විසඳීමේ ක්‍රියාවලිය හමුදාවට ලබාදීම සඳහා අණපනත් පවා වෙනස් කරමින් ආණ්ඩුව මේ රටේ හමුදා පාලනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කඩවත ඉහළ බියන්විලදී පැවැසීය.

කඩවත ඉහළබියන්වල ශ්‍රී සෝමවර්ධනාරාම විහාරස්ථාන බුද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවැසුවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

වර්තමානයේ මේ රටේ විශාල සමාජ පරිහානියක් සිදුවෙමින් තිබෙනවා. දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම, මවුපියන්ට නොසලකා හැරීම, ළමා අපචාර ස්ත්‍රී දූෂණ විශාල වශයෙන් සිදුවෙනවා. ඒ වගේම වියපත් මවුපියන් මහලු මඩම්වලට යවන නිලධාරීන්, ව්‍යාපාරිකයන්, මුදලාලිලා ඕනෑ තරම් සිටිනවා. ඒවා අද සාමාන්‍යකරණය වෙලා.

මහ නායක හිමිවරු ප්‍රකාශ කළේ හිට්ලර් පාලනයක් අවශ්‍ය බව නොවේ. දැඩි දඬුවම් තීන්දු තීරණ නොගෙන මෙ තත්ත්වය පාලනය කළ නොහැකි බවයි. සමහරුන් එය හිට්ලර් පාලනයක් අවශ්‍ය බව කියූ ලෙසින් නිතර නිතර ප්‍රචාරය කරනවා.

අද හැම භාණ්ඩයකටම බදු පිට බදු පනවනවා. ආණ්ඩුවට මුදල් නැති නිසා මුදල් එකතු කරගන්නයි ජනතාව මත බදු පටවන්නේ. මුළු රටම දැන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරුද්ධයි. ඒ නිසයි පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රිවරුන් සමඟ ජනතාව අප සමඟ එක්වන්නේ. අද 16 දෙනාගේ කල්ලියක් නැහැ. 70 කල්ලියයි සිටින්නේ. ඒ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News