Citizen.lk
 

වැරදි තොරතුරු දෙන මාධ්‍ය වලට පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්

වැරදි තොරතුරු දෙන මාධ්‍ය වලට  පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක් | A warning from the IGP
Wed 08 August 2018 12:03 pm
122 views

වැරදි තොරතුරු සපයන ඇතැම් මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පොලීසිය අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ උත්සවයට කොළඹදී ඊයේ එක්වෙමිනි.

මේ අතර කොළඹ ආරක්ෂක සමුළුව පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය පිළිබඳව බුද්ධි අංශ විමසිල්ලෙන් පසුවන බවයි. එහිදී පොලිස්පතිවරයා මෙසේ අදහස් දැක්විය.

“මම මාධ්‍ය ගැන කතා කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ මම මාධ්‍යයට කැමති නැහැ කියලා. නමුත් මාධ්‍ය අප බලාපොරොත්තු වන දිශානතියට ගමන් කරන්නේ නැහැ ඇතැම් දිනවලදී. මා හිතවත් මාධ්‍ය හිතන්න ජාතික සහජීවනය පිළිබඳව අපිට තවත් ගොඩක් දුර යන්න තියෙනවා. බොහෝ ප්‍රධාන ධාරාවෙන් නොවන පුවත්පත් කුඩා පුවත්පත් ගොඩක් දේවල් කියනවා. අපි ඇයි ඒ පිළිබඳව කණස්සල්ලට පත් වන්නේ අැයි? අපි ඒ වෙනුවෙන් අපේ කාලය කා දමන්නේ? මම යනවා මගේ මාර්ගයේ. ඒ වගේම ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියළුම වැරදි දේවල් වලට වගේම වැරදි තොරතුරු සපයන්නන්ට එරෙහිව. නීතිපති කාර්යාලය විශේෂ උපදේශන හා මඟපෙන්වීම මත අපි නෛතික කෙටුම්පතක් සම්පාදනය කරලා තියෙනවා. එය ඉදිරියේදී ක්‍රියාවට නැංවෙනු ඇත. ජාත්‍යන්තර අවශ්‍යතාවයන්, සයිබර් අපරාධ, තාක්ෂණික අපරාධය මේවා සම්බන්ධයෙන් අපේ අය සූදානම් වෙමින් සිටිනවා. මේ වෙලාවෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති සයිබර් අපරාධ අංශය විමධ්‍යගත කරනවා. පළමු කාර්යාලය අපි විවෘත කළා මහනුවර. පොලිසිය සූදානම් හැම පැත්තකින්ම එන අභියෝග වලට මුහුණ දීමට.”

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News