Citizen.lk
 

අභිත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ජීවිත පූජාකර අදට වසර 26යි

අභිත සෙන්පති ඩෙන්සිල්  කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ජීවිත පූජාකර අදට වසර 26යි | 26nd death anniversary of Lt.General Denzil Kobbekaduwa
Wed 08 August 2018 12:21 pm
283 views

අභිත සෙන්පති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු හමුදා නිලධාරීන් දස දෙනකු මේ රට තුළ පැවැති ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම අවසන් කැර දැමීමට සැළසුම් කැර එය ක්‍රියාත්මක කිරීමට සුදානම්ව සිටියදී මිට දශක දෙකකට පෙර එනම් 1992 අගෝස්තු 08 වැනිදා ත්‍රස්තවාදින් විසින් අටවන ලද රුදුරු බිම් බෝම්බයකට හසුව අරාලි තු‍ඩුවේදි ජිවිතක්ෂයට පත්විය.

ඒ සෙම්පතියන් ඇතුළු පිරිස එසේ රට වෙනුවෙන් දිවි පුදා අදට වසර 26ක් ගතවෙයි. එදා ඒ සෙන්පතියාණන් විසින් සැළසුම් කළ පරිදි එම සැළසුම ක්‍රියාත්මක කිරිමට හැකි වුයේ නම් අවසන් මෙහෙයුම අවසන් වී මේ වන විට වසර විසි පයක් පමණ ගත විමට ඉඩ තිබුණි. 1987 වටමාරච්චි සටනේ සිට 1990 වසරේ දෙවැනි ඊලාම් යුද්ධය ආරම්භ කරමින් නැ‍ඟෙනහිර පළාතේ කොටි ත්‍රස්තවාදින් අත් පත් ගෙන සිටි කණ්චිකුඩිච්චිආරු කොටි බල ප්‍රදේශය හමුදා මෙහෙයුමට නායකත්වය දුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියාණන් එදා යුද පෙරමුණේ සිට හමුදා බළසේනාංක මෙහෙය වු අති දක්ෂ හමුදා නිලධාරියකු විය.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News