Citizen.lk
 

සීනි ආනයනය නිසා දේශීය සීනි නිෂ්පාදනයට පාඩුවක්

සීනි ආනයනය නිසා දේශීය සීනි නිෂ්පාදනයට පාඩුවක් |  Import of sugar has resulted in loss of domestic sugar
Wed 08 August 2018 3:08 pm
120 views

පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට සීනි ගෙන්වීම නිසා ලංකාවේ සිනි නිෂ්පාදනයට විශාල පහරක් වැදී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නන්දන ජයසිංහ මහතා පවසනවා.

මේ වන විට හිගුරාණ, සෙවණගල , පැලවත්ත යන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට ඉල්ලුම් කිරිම නිසා මෙම කර්මාන්ත තුනම පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුවී ඇති බවයි පවසන්නේ.

ඉන්දියාව ඇතුළු විවිධ රටවලින් සීනි ගෙන්විමේදී කිලෝවක් රුපියල් 80 ක් වන නිසා ලංකාවේ සිනි කර්මාන්ත වලින් එම මුදලට සිනි ඉල්ලුම් කිරිම නිසා මෙම තත්වය උදාවී තිබෙනවා.

දැනට ලංකාවේ සිනි කිලොවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් 126 ක් වියදමක් යන අතර අසුවට එය අලෙවි කිරිමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි නන්දන ජයසිංහ මහතා පවසන්නේ.

දැනට මෙම මුදලට අලෙවි නොකරන අතර මේ හේතුව නිසා උක් ගොවියන්ට මුදල් ගෙවිමේ ප්‍රමාදයක්ද සිදුව තිබෙනවා.

දැනට හිගුරාණ, සෙවණගල,පැල්වත්ත යන කර්මාන්ත ශාලා තුනෙන්ම වසරක්ට සිනි ටොන් 56.000 ක් නිෂ්පාදනය කරන අතර ලංකාවේ වසරක සිනි අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ හතක් වන බවද කීය. දැනට වසරකට මෙට්ට්‍රික් ටොන් හය ලක්ෂ හතළිස් හතර දාහක් විදේශ රටවලින් ගෙන්විමට සිදුව ඇති බවයි සදහන් කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News