Citizen.lk
 

පාර්ලිමේන්තුවේ අලුත්වැඩියාවට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තුවේ අලුත්වැඩියාවට කැබිනට් අනුමැතිය | Cabinet approval for the renovation of Parliament
Wed 08 August 2018 5:20 pm
104 views

පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනම් අලූත්වැඩියාවක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේ 1982 වසරේදී වන අතර ගතවූ වසර 35ක කාලය තුළ එහි ප‍්‍රධාන අලූත්වැඩියාවක් කිසිවක් කර නොමැති බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ.

එබැවින් එහි කඩිනමින් කළ යුතු බවට හඳුනාගෙන ඇති අලූත්වැඩියා කටයුතු කිරීමට තීරණය කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කළේ.

එම අලූත්වැඩියාවන් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවාව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ නිර්දේශය ද සළකා නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් ඉටුකරගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News