Citizen.lk
 

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට 16න් 4ක් ඇවිත්

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට 16න් 4ක් ඇවිත් | Four of the 16 members of the SLFP Central Committee came
Thu 09 August 2018 12:50 pm
107 views

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා පසුගියදා ආණඩුවෙන් ඉවත් වූ මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු සහභාගී වී සිටි බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් සහභාගී වු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මධ්‍යම කාරක සභාව තුළ ඉතා සක්‍රීය ලෙස එම මන්ත්‍රීවරුන් දායකත්වය දැක්වූ බවත් ඉදිරියේ දී 16 කණ්ඩායම නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් වෙන බවත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ (08) රාත්‍රියේදි ජනාධිපති නිල නිවසේදි පැවැත්වුණා.

ඒ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වුණේ.

එහිදී පක්ෂයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News