Citizen.lk
 

සේවා 25ක වැටුප් විෂමතා විසඳීමට නව වැටුප් හා සේවා කොමිසමක්

සේවා 25ක වැටුප් විෂමතා විසඳීමට නව වැටුප් හා සේවා කොමිසමක් | New Salary and Service Commission to solve 25 salary anomalies
Thu 09 August 2018 2:11 pm
214 views

දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන 25ක පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැටුප් හා සේවා කොමිසමක් පත්කිරීම මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසනවා.

සේවා 25ක වැටුප් විෂමතා තිබියදී එක් සේවාවක ගැටලූව පමණක් විසඳීමෙන් සෙසු සේවාවන්හි ද ගැටලූ මතුවිය හැකි බැවින් මෙම කොමිසම පත්කර සියල්ලෙහි ගැටලූ විසඳීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා එම යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා එම වැටුප් විෂමතා විසඳීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන 2019 අයවැයෙන් වෙන් කළ හැකි බව ඒ බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News