Citizen.lk
 

දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති 5ක සහය

දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති 5ක සහය | Another 5 trade unions support railway strike
Thu 09 August 2018 2:28 pm
92 views

වැටුප් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනයට දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයට අදාළ වෘත්තිය සමිති 5 ක් සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

අද පස්වරු 4.30 සිට පැය 72 කාලයක් අසනීප නිවාඩු වාර්තා කර මෙලෙස වර්ජනයට සහය පළ කරන බවයි දුම්රිය අධීක්ෂණ කළමනාකරණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්.කේ. ද සිල්වා මහතා සඳහන් කළේ.

මේ අතර වර්ජනය සම්බන්ධයෙන් වෘත්තිය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (09) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News