Citizen.lk
 

හම්බන්තොට දී බස්රථයට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

හම්බන්තොට දී බස්රථයට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට | The main suspect of the shooting incident in Hambantota was arrested
Thu 09 August 2018 4:59 pm
205 views

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලික බස්රථයකට වෙඩි තබා පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (09) තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු රන්න හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු තංගල්ල නගරයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි 26 දින හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පුද්ගලික බස්රථයක් තුළදී මෙම වෙඩිතැබීම සිදුවූ අතර එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුනේ රන්න ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දන ප්‍රසන්න නැමැති 33 හැවිරිදි දෙදරු පියෙකි.

2011-04-31 රන්න කදිරගොඩ ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් දුරදිගයාම නිසා වූ පුද්ගල ඝාතනයකට අදාළ තෙවන විත්තිකරු වූ මොහු එම සිද්ධියෙන් අනතුරුව මොණරාගල ඇතිමලේ ප්‍රදේශයේ දිවිගෙවනු ලැබු අතර ඔහු මෙලෙස වෙඩි තැබීමට ලක්වූ පැවති නඩුවාරය අවසානයේ සිය බිරිඳ සමඟ ඇතිමලේ ප්‍රදේශයට ගමන් කරමින් සිටියදීයි.

මේ අතර පොලිසිය පැවසුවේ අදාල නඩුවේ දෙවන විත්තිකරු වූ මියගිය ප්‍රසන්නගේ ඥාතිවරයෙකු පසුගිය 2012-12-31 වන දින ගෝඨයිම්භරගම දී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News