Citizen.lk
 

දුම්රිය ගැටලුව මගේ ප්‍රශ්නයක් නෙමෙයි - මංගල

දුම්රිය ගැටලුව මගේ ප්‍රශ්නයක් නෙමෙයි - මංගල | The train problem is not my problem - Mangala
Thu 09 August 2018 9:12 pm
73 views

දුම්රිය වෘත්තිය සමිති පවසන ආකාරයට වැටුප් වැඩකළහොත් සමස්ත රාජ්‍ය සේවයේම අර්බුදයක් ඇති වන බවත් රාජ්‍ය සේවයේම වැටුප් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින විට මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී යි.

තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.

“දුම්රිය ප්‍රශ්නය මගේ නොවුණත්. මේ යෝජනාවට මුදල් අමාත්‍යවරයා ලෙස මම විරුද්ධත්වය ප්‍රකාශ කළේ කෝච්චි රියදුරු මහත්වරුන්ට එහෙම නැත්නම් දුම්රිය සේවකයන්ට පඩි වැඩි කරනවට විරුද්ධව නෙමෙයි. මේ කියන විදිහට පැඩි වැඩි කළානම් රට විශාල ගැටලුවකට යනවා. මේ ඉල්ලපු පඩි වැඩි කිරීම ක්‍රියාත්මක කළා නම් දුම්රිය රියදුරු පඩිය ගුරුවන්ට, විදුහල්පතිවරුන්ට හා දොස්තර මහත්වරුන්ටත් වඩා වැඩිවෙනවා. රාජ්‍ය සේවයේ විශාල අර්බුදයක් ඇති වෙනවා.

ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලයේ ඉල්ලීමක් කළේ දුම්රිය සේවකයන්ගේ පඩි වැඩ කිරිමත් සලකා බලමින් සමස්ත රජයේ සේවකයනගේ පැඩි වැඩි කිරිම සඳහා විශේෂ රාජ්‍ය සේවක කොමිසමක් පත්කළ යුතුයි කියලා.ඒ කැබිනට් පත්‍රිකාව අනුව සමස්ත රාජ්‍ය සේවයේම පඩි වැඩි කිරීමේ යෝජනාව මාස දෙකක් හෝ තුනක් ඇතුළත ලබාදෙන්න කටයුතු කරන විට තමයි පිළිගත් සම්ප්‍රදාය නොතකා පූර්ව දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනය ඇතිවුණේ.

දුම්රිය වර්ජකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තරම් ආර්මාත්කාමී නොවී සමස්ත රාජ්‍ය සේවයේම ඒ වැටුප් සංශෝධන සාකච්ඡා කරලා වැඩිම වුණොත් මාස තුනක් ඇතුළත් වාර්තාව ඉදිරිපත් කර සංශෝධන කරන තාක්කල් වැඩ වර්ජන නවත්වා සාකචඡාවට එන්න කියලා. මගේ ප්‍රතිපත්තියක් තිබෙනවා. මම අවුරුදු 30ක් වැඩවර්ජනවලට මුහුණ දුන්නා. මම කවදාවත් වැඩවර්ජන කරන අය හම්බවුනේ නෑ.”

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News