Citizen.lk
 

නාගසාකි බෝම්බ හෙලීමේ 73 වන සැමරුම

නාගසාකි බෝම්බ හෙලීමේ 73 වන සැමරුම | 73rd commemoration of Nagasaki bombings
Thu 09 August 2018 10:06 pm
158 views

ජපානයේ නාගසාකි නගරයට න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ 73වැනි සැමරුම නාගසාකි සාම අනුස්මරණ ස්මාරකය සමීපයේදී පැවැත්වුණා.

ඒ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඇන්ටෝනියේ ගුටේරෙස් මහතාගේ සහභාගිත්වයෙන්.

දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජපානයේ නගසාකි නගරයට න්‍යෂ්ටික බෝම්බ හෙළීම සිහිපත් කිරීමේ 73වැනි සංවත්සරය පසුගියදා නාගසාකි සාම අනුස්මරණ ස්මාරකය අසලදීයි.

මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතාද මේ අවස්ථාවට එක්ව සිටි අතර නාගසාකි අනුස්මණ උත්සවයට සහභාගි වූ පළමු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙසින් ඔහු ඉතිහාසයට එක් වුණා.

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවදානමක් වර්තමානයේදී පවා පවතින බැවින් න්‍යෂ්ටික අවිහරණය සදහා සියලු ජාතීන් කැපවිය යුතු බවයි මෙහිදී අදහස් දක්වමින් මහලේකම්වරයා අවධාරණය කළේ.

න්‍යෂ්ටික අවිහරණය දිරිමත් කිරීම වෙනුවෙන් කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ මුඛ්‍ය පරමාර්ථයක් වන බවද මෙහිදී සඳහන් වුණා.

න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක සජීවී අත්දැකීමක් ලැබූ පළමු සහ එකම රාජ්‍යය වන්නේ ජපානයයි.

දෙවැනි ලෝක සංග්‍රාම සමයේදී හිරෝෂිමා සහ නාගසාකි නගර ඉලක්ක කර එල්ල කෙරුණු න්‍යෂ්ටික ප්‍රහාර හේතුවෙන් ජපන් වැසියන් ලක්ෂ ගණනක් මියගිය බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News