Citizen.lk
 

මාස 5ට ටැක්ස් ෆයිල් 287,821ක් විවෘත කළ හැටි ගැන ඇමති මංගල කියයි

මාස 5ට ටැක්ස් ෆයිල් 287,821ක් විවෘත කළ හැටි ගැන ඇමති මංගල කියයි | Mangala Samaraweera Speaks New Tax Files
Fri 10 August 2018 6:20 am
176 views

 බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශකර සිටියේ මේ වසරේ මාස පහක් තුළ අලුතින් සෘජු බදුගොනු 287821ක් විවෘත කිරීමට හැකි වූ බවයි.

මේ වසරේ ජනවාරි මස වන විට ශ්‍රි ලංකාවේ සෘජු බදුගොනු තිබුණේ 48,850ක් වුවත් මාස පහක් තුළ එය 336,671ක් දක්වා වැඩි කිරීමට හැකිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“2015ට කලින් රටේ තිබුණ ආර්ථික තත්ත්වය මොකක්ද කියලා අපි හැමෝටම මතකයි. විශාල ණය කන්දකට වගේම රටට විරුද්ධව ජාත්‍යන්තර සම්බාධක පැනවීමේ තත්ත්වයක් අතිවුණා. මෙහෙම තියෙද්දී තමයි ආණ්ඩුව වෙනස් වෙලා අලුත් මාවතකට යොමු කළේ. ඒ නිසා අපිට GSP+ සහනය ලැබී තිබෙනවා.

ඒ සහනය නිසාත් අපේ මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය නිසාත් අපේ අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම තත්ත්වයකට පත්වුණා. අපේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ වක්‍ර බදු අඩු කිරීමත්, සෘජු බදු පුළුල් කිරීමත්.

අවුරුදු 70කට පස්සෙත් මිලියන 21ක් ඉන්න රටේ මේ අවුරුද්දේ ජනවාරි වන විට ජනවාරි මාසයේ සෘජු බදුගොනු 48850යි ලංකාවේ තිබුණේ. මාස පහ ඇතුළත මේ වන විට ටැක්ස් ෆයිල් 336671ක් අපිට අරින්න හැකි වෙලා තිබෙනවා.

මේ විදියට අපි සෘජු බදු පුළුල් කරන්න කටයුතු කරනවා. අපේ ජාතික ආදායම ලැබෙන්නේ අහිංසක සාමාන්‍ය ජනතාවගේ වැට් බද්දෙන් හා වෙනත් වක්‍ර බදුවලින්. ඉදිරියේදී ඒ බර අඩු කිරිම අපේ ප්‍රතිපත්තියයි. සෘජු බදුවලින් 18%ක් ලැබෙද්දී වක්‍ර බදු වලින් 82%ක් ලැබෙනවා.

අපේ ඉලක්කය තිබෙන්නේ තව අවුරුදු දෙකකදී එය 40% හා 60%ක් බවට පත්කිරීමයි. 2020 වන විට මම විශ්වාස කරනවා වැට් බද්ද 2.5කින් අඩු කිරීමට අපිට හැකියාව ලැබෙයි කියා” යැයි පැවසීය.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News