Citizen.lk
 

ළදරු කිරිපිටි වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් ඇමතිගේ අවධානය

ළදරු කිරිපිටි වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් ඇමතිගේ අවධානය | Minister's attention paid to release milk powder from VAT
Fri 10 August 2018 9:33 am
160 views

ළදරු කිරිපිටි ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයකට වැට් බදු නිදහස ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.

ඒ අනුව චැනලින් සේවා සඳහා වැට් බදු ඉවත් කෙරෙන අතර, පෞද්ගලික රෝහල්වල ඇති කාමරවල නවාතැන් ලබාගැනීමේදී පමණක් වැට් බදු අය කෙරෙනවා.

කුඩා දරුවන්ගේ කිරිපිටි, අධ්‍යාපනයට වැදගත් පොත්පත්, වාර ප්‍රකාශන වැට් බද්දෙන් නිදහස් කරන අතරම වෛද්‍ය උපකරණ, රෝහල් යන්ත්‍ර සූත්‍ර, ළමා සුරැකුම් සේවා පරිසර හිතකාමී පුනනර්ජනනීය බලශක්ති උපකරණ වැට් බද්දෙන් නිදහස් කිරීමට නියමිතයි.

2009 අප්‍රේල් මස දක්වා ස්වාධිපත්‍ය නිවාස හිමිකම් වෙනුවෙන් ලබාදුන් වැට් බදු ලබාදීමේ කාලය දිගු කරන අතරම මිලියන 15ක් දක්වා මධ්‍යම පාන්තික නිවාස විකිණීමේදී වැට් බදු අය නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News