Citizen.lk
 

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන කතාබහ එපා

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන කතාබහ එපා | Do not talk about the opposition presidential candidate
Fri 10 August 2018 9:54 am
189 views

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරනතුරු ඒ ගැන කතාබස් නොකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙන්වා දී ඇත්තේ ජනාධිපති අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කරගෙන මත ගැටුම් දැන් සිටම ඇති කර ගැනීම සුදසු නොවන බවයි.

එම නිසා ජනාධිපතිවරණය කැඳවූ පසුව සුදසු ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපතිතුමා නම් කළ පසුව එම ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම දෙනා කැපවී ක්‍රියාකළ යුතු බව විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දී ඇත්තේ.

ජනාධිපතිවරණය ප්‍රකාශ කළ පසුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟද සාකච්ඡා කර නියම සුදසු අපේක්ෂකයා තමා නම් කරන බවත් ඉන් පසුව එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සැවොම එක්වී කටයුතු කළ යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන තුරු ඒ ගැන මත ප්‍රකාශ නොකිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News