Citizen.lk
 

වසර 3ක් ඇතුළත රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම ඇත්තටම ඉහළ ගිය හේතුව මෙන්න - PHOTO

වසර 3ක් ඇතුළත රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම ඇත්තටම ඉහළ ගිය හේතුව මෙන්න - PHOTO | Here is the reason why the state expenditure on public sector salaries has actually increased over the last three years
Fri 10 August 2018 12:13 pm
122 views

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව දියත් කළ වැඩවර්ජනයට මුල්වී තිබුණේ වැටුප් විශමතාවයන් පිළිබඳව වන ගැටළුවක්ය. කෙසේ නමුත් ඔවුන්ගේ එම එල්ලීම ඉෂ්ට කිරීමට රජය විසින් පියවර ගනිමින් සිටියදී කලින් නොදන්වාම මෙලෙසින් වර්ජනයකට පැමිණීම අසාධාරණ බවයි රජය පවසන්නේ.

දුම්රිය වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම මඟින් රජයේ සේවකයින්ට ලැබෙන වැටුප් ප්‍රමාණන්හි විශාල වෙනසක් සිදුවන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

දුම්රිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් පසුගිය අඟහරුවාදා ප්‍රතික්ෂේප කර සිටියේ ශ්‍රේණි කිහිපයක වැටුප් හිතුමතේ වැඩිකිරීමට ගියහොත් ඊට සමාන්තර ශ්‍රේණිවල රජයේ සේවකයින් ද තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පාරට බසින තත්ත්වයක් ඇතිවිය හැකි නිසාවෙනුයි.

එසේම දුම්රියද ඇතුළුව සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධව ක්‍රියා කිරීමට වැටුප් කොමිසමක් පත් කිරීමටත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරණ බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විටත් නිවේදනය කර තිබෙනවා.

දුම්රිය වෘත්තීය සමිති විසින් ජනතාව දැඩි පීඩාවකට පත්වන ආකාරයට හදිසි වර්ජනයක් දියත් කර තිබුණේ එවැනි පසුබිමක් තුලයි. පහතින් දැක්වෙන්නේ රජයේ විවිධ අංශවල නිලධාරීන්ට ලැබෙන වැටුප් ප්‍රමාණයන්හි ව්‍යුහයයි...

මේ අතර පසුගිය වසර 3 ඇතුළත රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම රුපියල් බිලියන 290කින් ඉහළ ගොස් තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 2015 වසරේ ජනවාරි මාසය වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රජයේ වාර්ෂික වියදම රුපියල් බිලියන 415ක් වූ බවයි.

මේ වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වාර්ෂික වියදම රුපියල් බිලියන 705කි.

2015 වසරේ අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවීම එලෙස රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වියදම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වුණා.

එම යෝජනාවට අනුව 2016 වසරේදී අවම වැටුප් ලබන පහළ ශ්‍රේණිවල රාජ්‍ය සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 10,000කින් ඉහළ දමනු ලැබුවේ.

එය 90% ක පමණ වැටුප් වැඩි වීමකි.

ඊට සාපේක්ෂව ඉහළ නිලධාරියෙකුගේ වැටුප 2020 වසර වන විට 90% කින් ඉහළ යාමට නියමිතයි.

2015 වසරේ සම්මත වූ අයවැය යෝජනාවට අනූව 2016 වසරේ සිට 2020 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ රාජ්‍ය සේවක වැටුප ඉහළ යාමක්ද සිදු වනවා.

ඒ අනුව 2015 පැවති වැටුප්වලට සාපේක්ෂව 2020 වන විට සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප 107% කින් ඉහළ යා යුතු වේ.

මේ දිනවල වැඩ දීමනා ඉල්ලා සිටින වෛද්‍යවරුන් දැනට රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් ලබන්නන් අය අතරට අයත් වනවා.

ඒ අනුව සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරයෙකුට සියලු දීමනා ඇතුළත්ව හිමි වන පළමු මාසික වැටුප රුපියල් 164000කි.

දීමනා ද ඇතුළත්ව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පළමු මාසික වැටුප රුපියල් 250000කි.

වෛද්‍යවරුන්ගේ හදිසි කැඳවුම් රාජකාරී ඇතුළු බාධක හා පැමිණීමේ දීමනා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය පසුගියදා එකඟතාව පළ කළා.

ඒ අනුව වෛද්‍යවරයෙකුට රුපියල් 15000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25000කින් එම දීමනාව ඉහළ නැංවෙනු ඇති.

එහෙත් වැඩි කිරීමට සූදානම් වන එම දීමනාව ප්‍රතික්ෂේප කරන රජයේ වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ, රුපියල් 85000ක දීමනාවකි.

මේ හේතුවෙන් අදාළ කැබිනට් පත්‍රිකාව ඉරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මහා භාණ්ඩාගාර ප්‍රකාශකයා සඳහන් කළේ.

දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ඇතුළු මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් සේවකයින් පෙරේදා පස්වරු 3.00 සිට වැඩ වර්ජනයක නිරත වන්නේ ද තම මූලික වැටුප රුපියල් 56205ක් දක්වා වැඩි කරන්නැයි ඉල්ලමින්.

ඔවුන් මේ වන විට ලබන මූලික වැටුප රුපියල් 44600ක් බව මහා භාණ්ඩාගාරය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දීමනා ද ඇතුළත්ව ඔවුන් රුපියල් 250,000කට ආසන්න මාසික ඒකාබද්ධ වැටුපක් ලබන බවයි.

මේ හේතුවෙන් ඔවුන් මාසික ඒකාබද්ධ වැටුපට මසකට රුපියල් 10,000ක් පමණ උපයන විට බදු ගෙවන අවස්ථා ද පවතින බව මහා භාණ්ඩාගාර ප්‍රකාශකයා සඳහන් කළේ.

මොවුන් ඉල්ලා සිටින වැටුප් වැඩී වීම ලබා දෙන්නේ නම් ඉන් රාජ්‍ය අංශයේ විශාල වැටුප් විෂමතාවක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද අදාළ ප්‍රකාශකයා පැවසුවේ ය.

දිනෙන් දින රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ ගිය ද ඊට සරිලන කාර්යක්ෂමතාවක් පවතින්නේ ද යන්න ගැටලුවක් ඔබට මට ඇති වනවා.

මේ අතර රාජ්‍ය සේවක වැටුප් ගැටලු විසඳීම සඳහා ඉදිරියේදී කොමිසමක් පත් කරන බවයි මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේ.

එවැනි කොමිසමක් පත් කරන්නේ නම් රාජ්‍ය සේවයේ නිෂ්පාදනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම මුල් කර ගනිමින් එය සිදුවිය යුතු බව විද්වතුන් පෙන්වා දෙන්නේ.

No automatic alt text available.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News