Citizen.lk
 

12 වන දා සිට බස් වර්ජනයකුත් ඇරඹේ

12 වන දා සිට බස් වර්ජනයකුත් ඇරඹේ | Bus strike starts from 12th
Fri 10 August 2018 3:42 pm
154 views

තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බලධාරීන් හා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ නිසා මේ මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවකයන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ඉන්ධන මිල ඉහළ යෑම, සේවා ගාස්තු ඉහළ යෑම ඇතුළු බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණු බැවින් මෙම වර්ජනය ආරම්භ කරන බවයි එම සංගමයේ සම සභාපතිවරයකු වන ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (10 ) දිනයේ සවස 4.00 ට පැවැත්වෙන අතර ඒ අනුව එම සාකච්ඡාවේදී ගැටළු සඳහා නිසි විසඳුමක් නොලැබුන හොත් 12 වන දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News