Citizen.lk
 

දෙමළ සන්ධානය යුද අපරාධ පරික්ෂණයක් යළි ඉල්ලයි

දෙමළ සන්ධානය යුද අපරාධ පරික්ෂණයක් යළි ඉල්ලයි | TNA returns a war crime investigation
Sat 11 August 2018 7:58 am
133 views

අමෙරිකා එක්සත් ජනපදය ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කරමින් සිටින බවට වාර්තා වනවා.

කලින් ජිනීවා කොමිසමට ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරීක්ෂණ යෝජනාවට අමෙරිකාවේ සහාය ලැබුණු අතර එහෙත් දැන් අමෙරිකාව එයින් ඉවත්ව ඇති නිසා පැරණි යෝජනාවට අසාධාරණයක් නොවන ලෙස නව යෝජනාව ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

රජය විසින් යෝජනා කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක වන ලකුණු පෙනෙන්නට නොතිබීම ද නව තීරණය ගැනීමට හේතුවක් බවයි දෙමළ සන්ධානය කියා සිටින්නේ.

මේ ගැන දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙරට සිටින යුරෝපා තානාපතිවරුන් ගණනාවක් සමඟ මේ වනවිටත් සාකච්ඡා පවත්වා තිබෙනවා.

දෙමළ සන්ධානයේ අරමුණ යුරෝපා දෙමළ ඩයස්පෝරාවේ සහාය ද ලබාගෙන ලබන මාර්තු මාසයේදී ජිනීවා සමුළුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමටයි ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News