Citizen.lk
 

බංග්ලාදේශ පිලේ නායක ශකිබ් ගුවන්තොටුපලේ දී ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් සමග ගැටේ - VIDEO

බංග්ලාදේශ පිලේ නායක ශකිබ් ගුවන්තොටුපලේ දී ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් සමග ගැටේ - VIDEO | Bangladesh captain clash with cricket player at Shakib airport
Sat 11 August 2018 1:12 pm
849 views

බංග්ලාදේශය අපේ අසල්වාසී රටක්. ඒ වගේම ක්‍රිකට් අතින් ගත්තහමත් ගොඩක් හොද සබැදියාවක් තියෙන රටක්. එත් ඒ සබදතාව පසුගිය මාර්තු මාසයේ තිබුණු නිදහස් කුසලානයේදී නැති වුණාද කියලත් සමහර වෙලාවට හිතෙනවා.

ඒ ඉතින් බංග්ලාදේශ පිලේ සිදුවුණු නොමනා ක්‍රියාවන් නිසා අපේ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ වගේම සමස්ථ ලෝකය පුරා බංග්ලාදේශ කණ්ඩායමට විරෝධය පළ කරා.

ඔන්න ඔය වගේ වැඩක් මේ ඊයේ පෙරේදත් වෙලා තියෙනවා මේ සිද්ධියටත් මුල විනය ප්‍රශ්ණයක් තමයි. සිද්ධියට ආදළ පුද්ගලයා ශකිබ් අල් හසන්.

ශකිබ් අල් හසන් කියන්නේ බංගලාදේශයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රිඩකයෙක්.

ඔවුන් පසුගිය දා කොදෙව් දේශයේ සංචාරයක නිරත වුණා. එහිදී ටෙස්ට් තරග 2ක් හා එක්දින තරග 3ක් විස්සයි විස්ස තරග 3ක් සහභාගී වුණා.

ටෙස්ට් තරග 2 - 0 ක් හා එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගන්න කොදෙව් කණ්ඩායම සමත් වුණා. කෙසේ නමුත් විස්සයි විස්ස තරගාවලිය ජයගන්න බංග්ලාදේශ කණ්ඩායම හැකි වුණා.

තරග සංචාරයෙන් පස්සේ සිය මව්රට බලා පැමිණෙන බංග්ලාදේශ පිලේ නායක ශකිබ් අල් හසන් හට එරට ක්‍රීඩාලෝලියෙක් යම් කිසි ප්‍රකාශයක් කරනවා. ඒකට උරණ වෙලා ශකිබ් ඒ පුද්ගලයා එක්ක පැටලෙනවා. කොහොම හරි අවසානයේ වටේ පිටේ ඉන්න අය මැදිහත් වෙලා ශකිබ්ව පැත්තකට එක්කගෙන යනවා.

කොහොම උනත් ක්‍රීඩාවෙන් ඉගෙන ගන්න තියෙන හැදියාව, සංවරකම එක්වත් ඉගෙන නැති මේ වගේ අය නිසා මහත්මා ක්‍රීඩාවට ලොකු කලු පැල්ලමක් එල්ල වෙන එක විතරයි.

 

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News