Citizen.lk
 

ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ ලෙඩේ බෝ වෙයි

ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටත් පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ ලෙඩේ බෝ වෙයි | Pradeshiya Sabhas too are getting sick of MPs
Mon 13 August 2018 1:37 pm
161 views

ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස කහවත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරුගේ මහතා ඉල්ලා සිටිනවා.

ඒ මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ සභාපති වජිර දර්ශන ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මෙම මස මාසික මහා සභා වාරය අවස්ථාවේදී නව යෝජනාවක් ලෙස ඉදිරිපත් කරමින්.‍

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, “පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නම් වසර පහක් ගිය ගමන් විශ්‍රාම වැටුප ලැබෙනවා. හැබැයි අපි ප්‍රාදේශීය දේශපාලනඥයන් වශයෙන් ජීවිත කාලයම දේශපාලනය වෙනුවෙන් වැය කළත් අන්තිමට අපේ මන්ත්‍රීවරුන්ට අවසානයේ බොහෝවිට ඉතිරිවන්නේ කනගාටුවක් පමණයි.

සුළු වැටුපක් ලබන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාගැනීමට අවශ්‍ය කරන ක්‍රමවේදයක් සැකසීම සඳහා අදාළ අංශවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා. එසේම හදිසි අනතුරුවලදී හා ස්වභාවිකව සිදුවන අසනීප අවස්ථාවලදී ආරක්ෂණයක් ලබා දෙනවා නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට එය ලොකු ශක්තියක් වෙනවා. කහවත්ත ප්‍රාදේශීය සභාවට පමණක් නෙමෙයි. පොදුවේ රටේ සෑම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුටම එය ලැබිය යුතුයි” යැයි වැඩිදුරටත් කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News