Citizen.lk
 

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ලට මිලියන 115 ක්

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ලට මිලියන 115 ක් | 115 million for Galle under Climate Impact Assistance project
Wed 15 August 2018 10:05 am
119 views

දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ (Climate Resilience Improvements Project (CRIP) ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 115ක ප්‍රතිපාදන වෙන්ව ඇත. වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි.

මේ යටතේ ඇල්පිටිය , බද්දෙගම, තවලම, නෙළුව, නාගොඩ, නියාගම , යක්කලමුල්ල, වැලිවිටිය දිවිතුර සහ ඉමදුව යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා.

මේ ව්‍යාපෘතිය යටතේ මාර්ග, පාලම් සහ බැති බැමි ඉදි කිරීම සිදු වන අතර පසුගිය ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකබව දිස්ත්‍රික් සැලසුම් ඒකකය පෙන්වා දෙනවා.

මෙමඟින් ඉදිරියේදි දේශගුණික දේශගුණික බලපෑම් අවම කිරීමට අපේක්ෂිතයි. 2018 වර්ෂය තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සියලු කටයුතු සිදු වෙමින් පවතිනවා.

ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ මාර්ග 06ක් බද්දෙගම තවලම බල ප්‍රදේශ තුළ මාර්ග 5 ක් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි.

නෙළුව, හප්පිටිය වාඩිමුල්ල බරණවිල මාර්ගය සහ ජම්බුගස්විල දේවාලෙගම මාර්ගය සංවර්ධනය කරන අතර නාගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ මාර්ග 02ක් නියාගම මාර්ග 04ක් හා යක්කලමුල්ල මාර්ගයක් මෙම (CRIP) ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සිදුවනවා.

මෙම ව්‍යාපෘති මගින් ඇති වන ගංවතුර වැනි ආපදා තත්ත්වයන් හේතු කොටගෙන සිදු වන හානි අවම කිරීමට මෙයින් නිර්දේශිත වන අතර එමඟින් දිගු කලක් තිස්සේ ජනතාවට බලපෑ ආපදා හානි රැසකටම දිගුකාලින පිළියම් යෙදීමට හැකියාව ලැබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News