Citizen.lk
 

ඉදිරියේදීත් දිවයින පුරා තද වැසි

ඉදිරියේදීත් දිවයින පුරා තද වැසි | Heavy Rain Across Sri Lanka
Sat 18 August 2018 9:17 am
208 views

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අද(18) දිනයේත් මධ්‍යම, සබරගමුව පළාත්වල මෙන්ම කළුතර, ගාල්ල, මාතර, යන දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවාත

මෙම වැසි ඉදිරියේදීත් ඇදහැලුනහොත් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් ඇති විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.

මේ අතර ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3 ක් තවදුරටත් විවෘත කර තිබෙනවා. එමෙන්ම කැනියොන්, කාසල්රි සහ මාවුස්සාකැළේ යන ජලාශවලද වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News