Citizen.lk
 

කුක්, සංගා පසුකර යයි - ඇන්ඩර්සන්, මැග්‍රාත්ගේ වාර්තාව බිඳ දමයි - ඉන්දියාවට අන්ත පරාජයක් ගෙන දෙමින් එංගලන්තය තරඟාවලිය ජයගනී - වීඩියෝ

කුක්, සංගා පසුකර යයි - ඇන්ඩර්සන්, මැග්‍රාත්ගේ වාර්තාව බිඳ දමයි - ඉන්දියාවට අන්ත පරාජයක් ගෙන දෙමින් එංගලන්තය තරඟාවලිය ජයගනී - වීඩියෝ | England Won Test Series Against India 2018
Wed 12 September 2018 9:46 am
5,810 views

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟ පහකින් යුත් ටෙස්ට් තරඟාවලිය ඊයේ (11) තරඟ 4 - 1 ලෙස එංගලන්ත පිලට විශිෂ්ඨ ජයක් අත්කර දෙමින් අවසන් වුණා.

අවසන් තරඟය ලකුණු 118කින් ජය ගැනීමට එංගලන්තය සමත්වූ අතර මෙම තරඟය එංගලන්ත ආරම්භක පිතිකරු ඇලස්ටෙයාර් කුක්ගේ අවසන් ටෙස්ට් තරඟය වූ අතර කුමාර් සංගක්කාර පසුකර යමින් ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභින් අතර පස්වන තැන හිමිකරගන්නට කුක් මෙහිදී සමත් වීම විශේෂත්වයකි.

එමෙන්ම එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් වේග පන්දු යවන්නන් අතර පළමු තැනට පත්වීමට මෙහිදී සමත්විය.

මෙම තරඟයේ පළමු ඉනිමේදි ලකුණු 71 හා දෙවන ඉනිමේ ලකුණු 147ක් රැස්කරමින් අවසන් තරඟය අමතක නොවන තරඟයක් බවට පත්කර ගත් ඇලස්ටෙයාර් කුක් තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේය.

මේ තරඟයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි.....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News