Citizen.lk
 

දින 03 න් බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි - බස් සංගම් රජයෙන් ඉල්ලයි

දින 03 න් බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි  - බස් සංගම් රජයෙන් ඉල්ලයි  | Bus fares increased by 3 days
Wed 12 September 2018 1:04 pm
89 views

ඉන්ධන මිල වැඩී වීමත් සමඟ ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සියයට 10කින් ඉහළ නැංවිය යුතු බව බස් සංගම් ඊයේ(11) දිනයේදී සඳහන් කළේය.බස් ගාස්තු සංශෝධනය කිරීමට රජයට දින 03 ක කාලයක් ලබාදෙන බව එහිදී ඔවුන් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසීමක් කල අතර එහිදී ඔහු කියා සිටියේ, බස් ගාස්තු ඉහළ දැමීමක් මීට පෙර ඉන්ධන මිල වැඩිවීම මත සිදු කල බවත්, ඒ අනුව නැවත වතාවක් බස් ගාස්තු වැඩි නොකරන බවට පැවසු බවයි.

එහෙත් දෙවතාවක් මේ වන විට ඉන්ධන මිල වැඩි කර ඇති බැවින්, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කියා සිටින්නේ දැන් තිබෙන තත්ත්වය මත සියයට 5ක වැඩිවීමක් සිදු කළ යුතු බව ද ඔහු පැවසීය.

එසේත් නොමැති නම් බස් ගාස්තු වැඩිවීමක් කරනවා ද නැතිනම් පොදු ප්‍රවාහනයට යම් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතු බව ද කියා සිටි අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මංගල සමරවීර මහතා විදෙස් ගතව ඇති බැවින් මෙරටට පැමිණි පසු මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News