Citizen.lk
 

දික්වැල්ලගෙන් ආසියානු කුසලානයේදී අලුත් වෙනසක්

දික්වැල්ලගෙන් ආසියානු කුසලානයේදී අලුත් වෙනසක් | Niroshan Dikwella Change Batting Style
Thu 13 September 2018 8:37 am
412 views

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව නිරෝෂන් දික්වැල්ල වෙනදා ක්‍රීඩා කරන විලාසය යම්දුරකට වෙනස් කර ඇති බවයි ඔහු පවසා සිටින්නේ.

පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී තමන් කටයුතු කරන බවද ඔහු පවසා ඇති අතර මේ සඳහා තම තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම යම් දුරකට වෙනස් කරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය එළඹෙන සෙනසුරාදා ඩුබායිහි දී ආරම්භ වන අතර දික්වැල්ල කණ්ඩායමට එක්වූයේ ආබාධයකට ලක්වූ චන්දිමාල් වෙනුවටයි. ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සමඟින් පළමු තරඟයට එක්වන්නේ බංග්ලාදේශ් කණ්ඩායමයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News