Citizen.lk
 

නැව ඇවිත් බෝට්ටුවේ වැදිලා අනිත් පැත්ත ගැහුවා, පැය 10ක් මම බෝට්ටුවේ එල්ලිලා හිටියා - සගයින් 6ක් මියගොස් සිටියදී තනිව දිවි බේරාගත් එරන්ද

නැව ඇවිත් බෝට්ටුවේ වැදිලා අනිත් පැත්ත ගැහුවා, පැය 10ක් මම බෝට්ටුවේ එල්ලිලා හිටියා - සගයින් 6ක් මියගොස් සිටියදී තනිව දිවි බේරාගත් එරන්ද | Man Survive After Boat Crash
Thu 13 September 2018 8:57 am
4,072 views

බේරුවල ධීවර වරායෙන් පෙරේදා (11) පස්වරුවේ පිටත්වූ මලිදු පුතා නැමති බහුදින ධීවර යාත්‍රාව අනතුරකට ලක්වීමෙන් ධීවරයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මසුන් ඇල්ලීම සඳහා මෙම බහුදින ධීවර යාත්‍රාවේ හත් දෙනෙකු ගමන් කොට තිබුණු අතර ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු තාමත් අතුරුදහන් වී තිබෙනවා. මෙම අනතුරින් දිවි බේරාගත් එරන්ද පුෂ්පකුමාර හම බිහිසුණු සිද්ධිය පිළිබඳව ඊයේ (12) මෙලෙස විස්තර කර තිබුණි.

''බොට්ටුව නැවේ හැපුණු ගමන් මා විසිවෙලා මුහුදට වැටුනා.. රාත්‍රි 12.00 සිට උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලී සිටියා.. 11 වැනිදා සවය හයට විතර බේරුවල ධිවර වරායෙන් අපි පිටත්වුනා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ කල්හාර අයියා. අපි නාවික සැතපුම් 60ක් විතර ගියා.. මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රි 12.00 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම. රාත්‍රි 12.00ට විතර බෝට්ටුව කල්හාර අයියාට දුන්නා. පැයක්වත් ගියේ නැහැ. මම යාත්‍රාවේ පසු පසට වෙන්න නිදාගෙන හිටියේ .

එකවරම බෝට්ටුව නැවේ වැදිලා පෙරළුනා. මාව මුහුදට විසිවුනා. පසුව මම පීනලා ඇවිත් බොට්ටුවේ එල්ලී සිටියා. නැව ළගටම එනකම් දැක්කේ නැහැ. බොට්ටුව ඇතුලේ හිටපු අය හිර වුනා. බෝට්ටුව අනික් පැත්ත හැරුණා. මම රාත්‍රි දොළහේ විතර ඉදලා උදේ දහය වෙනකම් බෝට්ටුවේ එල්ලී හිටියා. පසුව මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා. නාවික හමුදාවේ නිලධාරීන් ඇවිත් මා බේරාගත්තා."

මේ වන විට මියගිය ධීවරයින් 4 දෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. ඉතිරි ධීවරයින් දෙදෙනාගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News