Citizen.lk
 

ක්‍රිකට් ආයතනයේ මිලියන ගණනක වංචාවේ තවත් විස්තර හෙළිවෙයි - 2017 විවෘත කළ හොංකොං බැංකු ගිණුමට මුදල් දාන්න කියලා - මූල්‍ය ප්‍රධානියා තවමත් රැකියාවට ඇවිත් නෑ

ක්‍රිකට් ආයතනයේ මිලියන ගණනක වංචාවේ තවත් විස්තර හෙළිවෙයි - 2017 විවෘත කළ හොංකොං බැංකු ගිණුමට මුදල් දාන්න කියලා - මූල්‍ය ප්‍රධානියා තවමත් රැකියාවට ඇවිත් නෑ | Sri Lanka Cricket Money Scam
Thu 13 September 2018 9:58 am
571 views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව පසුගියදා තොරතුරු අනාවරණය වුණා. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි CID විසින් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ අතර අදාලා විකාශන ආයතනය මඟින් ලබාදී ඇති තොරතුරු වලට අනුව මුදල් ගණුදෙනුව සිදුවීමට ගිය බැංකු ගිණුම හා එහි විස්තර රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව හොංකොං හි මෙම බැංකු ගිණුම ආරම්භ කර ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් මස 27 වනදායි. ෆන්යා සිලු නම් සමාගමක් එම ගිණුමේ හිමිකාරීත්වය දරණ අතර විකාශන අයිතිය හිමි ඉන්දීය සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා වෙත එවා තිබූ ඊමේල් පණිවුඩ මඟින් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

හොංකොං ගිණුමට ලැබෙන මුදල් ස්වයංක්‍රීයව මෙක්සිකෝවේ පිහිටි බැංකු ගිණුමකට බැරවන බවත් එම ගිණුමේ ප්‍රතිලාභියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවත් අදාල ඊමේල් පණිවුඩ මගින් ඉන්දීය සමාගමට දන්වා තිබෙනවා.

බදු සහන වානිජ ගණුදෙනු සඳහා ප්‍රචලිත රටක් ලෙස මෙක්සිකෝව හඳුන්වන අතර ඒ වාසිය තුළින් ඔවුන් මෙම ගණුදෙනුව සිදුකරන්නට උත්සාහ කරන්නට ඇතැයි සැක පහළ වී තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පවසන්නේ එවැනි බැංකු ගිණුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොමැති බවයි.

CID පරීක්ෂණ මේ වන ක්‍රියාත්මක වන අදලා සිද්ධියට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව තවමත් සේවයට වාර්තා කර නොමැති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News