Citizen.lk
 

ඊයේ රෑ දඟලලා මහන්සිත් ඇති නේද? - අපිට ඕවා පුරුදුයි - මංගල උත්සවයකදී හමු වූ මහින්ද - මෛත්‍රී කතා කරපු දේවල්

ඊයේ රෑ දඟලලා මහන්සිත් ඇති නේද? - අපිට  ඕවා පුරුදුයි -  මංගල උත්සවයකදී හමු වූ මහින්ද - මෛත්‍රී කතා කරපු දේවල්   | maithre mahinda meet a wedding
Thu 13 September 2018 2:32 pm
903 views

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරාගේ පුතාගේ සහ දෙවිනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග රාජපක්ෂගේ සහෝදරියගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වුණේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීය. එක් පාර්ශ්වයක් වෙනුවෙන් මහින්ද සාක්ෂියට අත්සන් කිරීමට නියමිතව තිබූ අතර අනෙක් පාර්ශ්වයෙන් සාක්ෂියට අත්සන් කළේ මෛත්‍රීය. මහින්ද නැකැත් වේලාවට පෙර හෝටලයට පැමිණ තිබුණේය. මෛත්‍රී පැමිණියේ නැකැත් වේලාව ආසන්නයේදීමය.

මෛත්‍රී සහ මහින්ද වෙනුවෙන් වෙනම මේස දෙකක් වෙන් කර තිබුණේ ඔවුන් දෙදෙනා එකම මේසයක අසුන් නොගනු ඇතැයි විශ්වාස කළ නිසාය. එහෙත් සාක්ෂියට අත්සන් කර මහින්ද තමන්ගේ මේසයට ගොස් වාඩි වන විට මෛත්‍රීත් ඔහු පිටුපසින්ම ගොස් ඒ අසලින් වාඩිවිය. මහින්ද මෛත්‍රී අතර මැද සිටියේ රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයාය. මෛත්‍රීගේ එක් පසෙකින් ඉසුර වූ අතර මහින්දගේ අනික් පසින් ප්‍රසන්න විය.

“ඊයේ රෑ දඟලලා මහන්සිත් ඇති නේද” මෛත්‍රී මහින්දගෙන් අසමින් පුටුවෙන් වාඩිවිය.

“අපිට ඉතිං ඕවා පුරුදුයි. මෙයා නම් ඉවර වෙනකම් එතැනට වෙලා හිටියා” මහින්ද පිළිතුරු දුන්නේ ප්‍රසන්න පෙන්වමිනි.

“හැමතැනම කුණු එහෙම දාලා තිබුණානේ” මෛත්‍රී ඇසුවේය.

“නෑ.. නෑ.. අපි සුද්ධ කරලයි ගියේ” ප්‍රසන්න වහාම කීවේය.

“සුද්ධ කරලා තිබුණේ නෑ. මම උදේ දහයට මඟුල් ගෙදරකට යනකොටත් කුණු තිබුණා. නගර සභාවත් කිව්වේ සුද්ධ කරලා නෑ කියලයි” මෛත්‍රී කීවේය.

“ඒක නම් වෙන්න බෑ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටික කුණු සේරම සුද්ධ කරලා පාරත් අතුගාලයි ගියේ. සමහරවිට අපි ගියාට පස්සේ වෙන කවුරුහරි අපි අල්ලන්න ගෙනත් දැම්මද දන්නේ නෑ” ප්‍රසන්න කීවේය.

ටික වේලාවකින් මහින්ද එතැනින් පිටත්ව ගිය අතර මෛත්‍රී තව ටික වේලාවක් සිට එතැනින් පිටත්ව ගියේය.

“දැක්කද ඊයේ පෙළපාළි ගියාට අද දෙන්නම යන්නේ එකට. ඕක තමයි කවදාහරි වෙන්නේ. දෙන්නා එකතු වෙනවා” එය දුටු ඉසුර කීවේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News