Citizen.lk
 

කඩා වැටුණු මීතොටමුල්ල කුණු කන්ද ගැන කතාව යළි කරළියට - වීඩියෝ

කඩා වැටුණු මීතොටමුල්ල කුණු කන්ද ගැන කතාව යළි කරළියට - වීඩියෝ | Meethotamulla Garbage Issue Minister Patali Champika Ranawake
Thu 13 September 2018 3:21 pm
283 views

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතක් වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබාදී නොමැති බැවින් ඒ පිළිබඳව කඩිනම් පියවරක් ගන්නා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

ඊයේ (12) කොළොන්නාවේ පැවති නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයේදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ පළමු අදියර විවෘත කිරීම සදහා සියලු කටයුතු සූදානම්ව තිබියදී සංවිධානාත්මකව මීතොටමුල්ල කුණු කන්දේ වගකීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මත පැටවීම සදහා මුස්ලිම් සංවිධානයක උපදෙස් මත වෙබ් මාධ්‍යවේදීන් පිරිසක් ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වී තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මීතොටමුල්ල කසළ කන්දෙන් මුදල් ඉපැයූ අය පිළිබඳව තමන් හොදින් දන්නා බවත්, කීර්තිමත් විනිසුරුවරයෙකු විසින් සකස් කල ජනාධිපති කොමිසමේ පැහැදිලිව දක්වා ඇති වැරදිකරුවන් සදහා කඩිනමින් දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News