Citizen.lk
 

බිරිඳ ඝාතනය කළ පාපතර සැමියා අත්අඩංගුවට

බිරිඳ ඝාතනය කළ පාපතර සැමියා අත්අඩංගුවට | A man who was found guilty of murder has been arrested
Fri 14 September 2018 11:15 am
161 views

උදැල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළැයි සැකපිට ඇගේ සැමියා අත්අඩංගුවට ගත්බව ගිරාදුරුකෝට්ට පොලීසිය පවසයි. ඊයේ (13) සවස 5.30 ට පමණ මෙසේ ඝාතනය වී ඇත්තේ ගිරාදුරුකෝට් අගලඔය පදිංචිව සිටි නිරෝශා සුභාෂිනී දිසානායක නැමති 24 හැවිරිදි එක් දරුමවකි .

නිවස තුලදීම මෙම පහරදීමෙන් පසු අසල්වැසියෙන් විසින් ගිරාදුරුකෝට්ට රෝහලට රැගෙන යමින් සිටියදි මියගොස් ඇත. සැකකරු කලක් ඉන්දන පිරවුම්හල ක රැකියාවකර ඇත අතර පසුව කුලිවැඩ කර ඇතැයිද හෙලවී ඇති අතර සිද්ධියෙන් පසු සැකකරු සිය දිවිනසා ගැනීමට තැත් කර ඇත බවද පොලිසියි පවසයි.

පවුල් ආරවුලක් දුරදිගගොස් ඇතිවු බහින් බස්විමකින් පසු මෙම ඝාතනය සිදුවි තිබේ. බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත සහ සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස්මත ගිරාදුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් අංගම්මන මහතාගේ මෙහෙයවීමෙන් ගිරාදුරුකෝට්ට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News