Citizen.lk
 

අසත්‍ය සාක්ෂි දුන් රවී නැවතත් උසාවී

අසත්‍ය සාක්ෂි දුන් රවී නැවතත් උසාවී | investigate the alleged fraud in the issuance of Treasury bonds
Fri 14 September 2018 12:33 pm
105 views

2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ බැදුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරුණු ලැබුවා .

එම සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක සැකකරුවකු ලෙසට නම් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සදහා නඩුව මේ මස 28 දා කැඳවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා දින නියම කරන ලදී .

මෙම අසත්‍ය සාක්ෂි 2017 අගොස්තු 2 දා රවි කරුණානායක බැදුම්කර කොමිෂන් සභාවට ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියි .

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News