Citizen.lk
 

ඇමති පාඨලී ව්‍යවස්ථා දායක සභාවෙන් ඉවතට

ඇමති පාඨලී ව්‍යවස්ථා දායක සභාවෙන් ඉවතට | Minister Patali's removal from the Constitutional Disciplinary Council
Fri 14 September 2018 7:04 pm
133 views

අමාත්‍ය පාඨලී චම්පික රණවක ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර තිබෙනවා. සභාවේ නව සාමාජිකයෙකු ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර තිබේනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්තා මණ්ඩල නියෝජිතයා ලෙස ඇමති මහින්ද සමරසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

මෙතෙක් ජනාධිපතිවරයා ගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථා සභාව නියෝජනය කල ඇමති චම්පික රණවක මහතාගේ කාලය ඉකුත් වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙම නව පත් කිරීම සිදු කර ඇත.

නව පොලිස්පති වරයකු පත් කර ගැනීම සඳහා පසුගියදා පැවති සංවාදයේදී ජනාධිපතිවරයා ගේ අදහස වී තිබුනේ ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති එස්.එම් වික්රමසිංහ පොලිස්පති ධුරයට පත්කළ යුතු බවයි.

නමුත් ජනාධිපතිවරයා නියෝජනය කරමින් ව්‍යවස්ථා සභාව නියෝජනය කළ ඇමති චම්පික රණවක සහයෝගය දක්වන ලද්දේ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම තනතුරට පත් කිරීම සඳහාය.

ඇමති චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන අතර මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙකි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News