Citizen.lk
 

ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය අද

ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය අද | Asia Cup Final 2018
Fri 28 September 2018 8:43 am
391 views

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (28) ඩුබායි හිදී පැවැත්වෙනවා.

මෙවර තරඟාවලියේදී තරඟ සියල්ලම ජයගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඇෆ්ගනිස්ථානය සමඟ ලකුණු සමවූ තරඟයේ පමණක් ඔවුන් යම් පසුබෑමකට ලක්ව තිබුණි.

මූලික වටයේදී ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව වෙතින් පරාජය ලැබූ බංග්ලාදේශය සුපිරි කණ්ඩායම් 4 වටයේදී පාකිස්ථානය ද පරාජය කිරීමට සමත් වූ නමුත් බොහෝ දෙනෙකු විශ්වාසය තැබුවේ අවසන් මහා තරඟයට ඉන්දියාව සමඟින් පාකිස්ථානය තරඟ කරනු ඇති බවයි.

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල මෙන්ම බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දස්කම් අද තරඟයේ කැපීපෙනෙන වෙනසක් සිදුකරනු ඇතැයි බොහෝ දෙනෙකු මත පල කරයි.

මේ අතර ක්‍රීඩා විචාරකයන්ගේ අදහස වී ඇත්තේ ඉන්දියාව බොහෝදුරට ආසියානු කුසලාන මෙවරද ජයග්‍රහණය කරනු ඇති බවයි.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News