Citizen.lk
 

වැසි තත්වය වැඩිවීමේ අවධානමක් – විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණය අනතුරු අඟවයි!

වැසි තත්වය වැඩිවීමේ අවධානමක් – විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණය අනතුරු අඟවයි! | Specia advisory heavy Rain and Thunferstorm
Tue 09 October 2018 8:08 am
269 views


මධ්‍යම සහ ආසන්න ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තද වැසි, හා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ,බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේදි තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බවයි.

බස්නාහිර,වයඹ, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව නිවේදනයේ සදහන්.

බස්නාහිර,වයඹ, මධ්‍යම,ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

 

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News