Citizen.lk
 

රොනී ලීච්ගේ නිසල දේහය හෙට දිවයිනට

රොනී ලීච්ගේ නිසල දේහය හෙට දිවයිනට | ronnie body to tomorrow sri lanka
Tue 09 October 2018 10:00 am
129 views

අප කාගේත් හදවත් සසල කරවමින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව තිබේන අතර ඔහුගේ දේහය පර්ත් නුවර සිට හෙට(10) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

(10) එදින සවස 6.30 සිට 10.00 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවතේ ජයරත්න මල් ශාලාවේ මහ ජනතාවගේ ගරු බුහුමන් සඳහා තැන්පත් කිරීමට නියමිතය. එමෙන්ම පසුවදා එනම් ඔක්තෝබර් මස 11 වෙනිදා උදේ 8.00 සිට පස්වරු 2.00 දක්වා එම ශාලාවේම දේහය තැන්පත් කර තිබෙනු ඇති අතර එතැනින් පිටවන අවමංගල්‍ය පෙරහැර ගල්කිස්ස ක්‍රයිස්චර්ච් ඡ්‍රිස්ට් ඡුර්ච් දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහයකින් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News