Citizen.lk
 

සුවෙන් සිටින දුමින්ද වාට්ටුවෙන් වැලිකඩ යවන්න බාධාවක්

සුවෙන් සිටින දුමින්ද වාට්ටුවෙන් වැලිකඩ යවන්න බාධාවක් | Dimunda Silva Sentence to Death Update
Fri 12 October 2018 9:32 am
985 views

ඊයේ (11) දිනයේ මරණ දඬුවම ස්ථිර වූ දුමින්ද සිල්වා මේ වන විට සුව අතට පත්ව ඇති බැවින් ඔහු වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවකට මාරු කිරීමේ බාධාවක් නොමැති බව බන්ධනාගාර රෝහල් වෛද්‍යවරු පවසා තිබෙනවා. කෙසේ නමුත් මේ වන විට ඔහුව බන්ධනාගාර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි බන්ධනාගාර ආරංචි පවසනවා.

ඔහුට මරණ දඬුවම හිමිවූ සිද්ධියේදී වෙඩි වැදීමෙන් හිස් කඹලට වූ හානි සැලකිල්ලට ගනිමින් මීට පෙර දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස දන්වා සිටියා. එසේ දන්වා සිටියේ ස්නායු රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් වන අතර නැවත ඔහු සුව අතට පත්ව තිබෙන බවට එම වෛද්‍යවරුන් විසින්ම නිර්දේශ කරනතුරු බන්ධනාගාර වාට්ටුවෙන් වැලිකඩ බන්ධනාගාරය වෙත ඔහු මාරු කිරීම ප්‍රමාද වී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුවේ දුමින්ද සිල්වා වසර දෙකකට අධික කාලයක් මේ වන විට රඳවා තිබෙනවා.

 

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News