Citizen.lk
 

වසර තුනකට පසු අයවැයෙන් රාජ්‍ය සේවක පඩි වැඩිවීමක්

 වසර තුනකට පසු අයවැයෙන් රාජ්‍ය සේවක පඩි වැඩිවීමක්  | 2019 Budget increase in state sector salaries
Mon 15 October 2018 8:05 am
520 views

නොවැම්බර් මස 05 දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 1000ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධකයට සමගාමීව විශ්‍රාම වැටුප් අනුපාතද සංශෝධනය කරනු ඇත.

වසර 2015 වත්මන් රජය බලයට පත්වූ පසු රුපියල් දසදහසක වැටුප් වර්ධකයක් රාජ්‍ය සේවකයන්ට හිමිවූ අතර ඉන්පසු ගතවූ වසර තුනේම වැටුප් වර්ධක හිමිවූයේ නැත. පවත්නා පීඩාකාරී ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස වැටුප් වර්ධකය ලබාදීමට රජය තීන්දු කළ බවද කියැවේ.

මේ හැර දැනට අධික බදු බරින් පීඩාවට පත්ව ඇති ඉදිකිරීම් අංශය, හෝටල් ක්ෂේත්‍රය හා කෘෂි අංශය සඳහා බදු සහන සමඟ නව බදු අනුපාත නියම කෙරෙනු ඇතැයිද දැනගන්නට තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News