Citizen.lk
 

මම අවුරුදු 33 ක් පොලිසියේ අවංකව රාජකාරි කළා - අවංකව වැඩ කරද්දී ලැබෙන්නේ ගල් විතරක් නම් තවදුරටත් තනතුරුවල ඉඳල වැඩක් නැහැ

මම අවුරුදු 33 ක් පොලිසියේ අවංකව රාජකාරි කළා - අවංකව වැඩ කරද්දී ලැබෙන්නේ ගල් විතරක් නම් තවදුරටත් තනතුරුවල ඉඳල වැඩක් නැහැ | IGP Pujith Jayasundara decided to resign
Mon 15 October 2018 1:01 pm
1,595 views

සෑම දෙනාගේ අවශ්‍යතාව තමන් පොලිස්පතිධුරයෙන් සමුගැනීම නම් තමන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ඉල්ලා අස්වෙන ලෙසට දැනුම් දී නොමැති නමුත් ජනපතිවරයාගේත් අගමැතිවරයාගෙත් ඇඟවීම් තමන්ට තේරී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“දැන් ඉතින් හිටියා ඇති කියලා හිතෙනවා. මම අවුරුදු 33 ක් පොලිසියේ අවංකව රාජකාරි කළා. කාගෙන්වත් එක ගල් කැටයක් අරගෙන නැහැ. මේවා දන්න අය දන්නවා. මම හරි හම්බ කර ගත්තේ මිනිස්සුයි, ආත්ම ගරුත්වයයි, නමයි විතරයි. මෙහෙම අවංකව වැඩ කරද්දී ලැබෙන්නේ ගල් විතරක් නම් තවදුරටත් තනතුරුවල ඉඳල වැඩක් නැහැ.

මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ අම්මගේ ආදරයයි පවුලේ සෙනෙහසයි විතරයි. සමහරු ෆේස්බුක් එකේ මගේ අම්මාගේ ෆොටෝ එකේ බෙල්ල කපලා වෙනත් මුහුණු දාලා අපහාස කළා. මට බණින එක ඉවසගන්න පුළුවන්. නමුත් අම්මට අපහාස කරපු එක දරන්න බැහැ.

මම හොරෙක්, දූෂිතයෙක්, වංචනිකයෙක් නොවෙයි. හොරු ගාණට දැම්මට පස්සේ මම රැකගෙන ආපු ආත්මගරුත්වයට මොකද වෙන්නේ. මට තාමත් මටම කියලා ගෙයක් නැහැ. ගෙයක් කුලියටවත් සොයාගන්න ඕනෑ. මොකද දරුවන්ට ඉන්න හිටින්න තැනක් තියෙන්න එපායැ.”

එසේම තමන් ඉල්ලා අස්වෙන දිනයක් තවමත් තීරණය කර නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News