Citizen.lk
 

ගුවන් යානයක් ගොඩ බැස්වීමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

 ගුවන් යානයක් ගොඩ බැස්වීමේදී සිදුවූ  අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට | Three dead after plane crashes into them in Germany
Mon 15 October 2018 4:54 pm
535 views

මධ්‍යම ජර්මනියේදී සිදුවූ ගුවන් අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එක් එන්ජිමකින් යුතු සෙස්නා වර්ගයේ කුඩා ගුවන් යානයක් ගොඩබෑමට ගත් උත්සාහයක් අසාර්ථක වීමෙන් පසුව එය ගුවන් තොටුපළ වැටේ වැදී අසල මාර්ගයට කාඩා වැදී ඇති බව කියයි.

ඒ අවස්ථාවේදී රැස්ව සිටි පිරිසක් අතර සිටි මෙම කාන්තාවන් දෙදෙනා සහ කුඩා දරුවා ගුවන් යානයේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම, මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ අතර යානයේ ගමන් කළ සිව්දෙනෙකුද වන බව පොලීසිය පවසයි.

මෙම අවස්ථාවේදී කාලගුණයද වඩාත් පැහැදිලි තත්ත්වයක පැවතී ඇති අතර, අනතුරට හේතුව සොයාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවද පොලීසිය කියයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News