Citizen.lk
 

කැබිනට් රහස් මාධ්‍යයට දෙන ඇමතිවරුන් සොයන්න විශේෂ විමර්ශණයක්

කැබිනට් රහස් මාධ්‍යයට දෙන ඇමතිවරුන්  සොයන්න  විශේෂ විමර්ශණයක්  | special investigation
Sun 21 October 2018 5:01 pm
202 views

කැබිනට් රහස් මාධ්‍යයට හෙළිකරන අමාත්‍යවරුන් හඳුනා ගැනීම සඳහා ජනපතිවරයාගේ නියමයෙන් විශේෂ  විමර්ශණයක් ආරම්භ කර තිබේ.පසුගිය සතියේ මාධ්‍ය මගින් හෙළිදරව් වූ “රෝ” ඝාතන කතාව ගැන තමන්ට ඇමැතිවරුන් සිව් දෙනෙකුගෙන් තොරතුරු ලැබුණ බව (ද හින්දු) පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී (මීරා ශ්‍රීනිවාසන්) පසුව ප්‍රකාශ කර තිබිණි.

මෙම පුවත ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් ඇමතීය. ඉන්පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද මේ පුවත ලැබුණ ආකාරය හා එහි පසුබිම ගැන රහස්‍ය වාර්තා තුනක් මේ වනවිටත් කැඳවා ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

කෙසේ හෝ ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් දුරකතන දත්ත ඇතුළු තොරතුරු විශ්ලේෂණය කරමින් මේ ගැන විමර්ශන සිදු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News