Citizen.lk
 

නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කරයි

නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කරයි | nuwaeliya distric landslide attention
Mon 22 October 2018 7:56 am
141 views

පවතින වැසි කාලගුණ තත්ත්වයත් මත නුවරඑළිය දිස්ත්‍රික්කය නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ(21) රාත්‍රි 10.30 සිට ඉදිරි පැය 24 සදහා ක්‍රියාත්මක වන පරිදි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයාම් අවදානම් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ඉක්ම වූ වාර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර මේ හේතුවෙන් නායයාම්, බැවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොලොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩාවැටීම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශවලට මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර අද දිනයේත් දිවයිනේ ‍ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News