Citizen.lk
 

ශ්‍රී ලාංකීය තාරුණ්‍යට පෙරළිකාර අත්දැකීමක් එක් කළ පල්සර් ඩෙයාවෙන්චර් අවසන් මහා තරඟයේ ජය චන්දිමාල්ට - Photos & Videos

ශ්‍රී ලාංකීය තාරුණ්‍යට පෙරළිකාර අත්දැකීමක් එක් කළ පල්සර් ඩෙයාවෙන්චර් අවසන් මහා තරඟයේ ජය චන්දිමාල්ට - Photos & Videos | Pulsar Dareventure Grand Finale Winner Chandimal Pradeep
Mon 22 October 2018 9:42 am
115 views

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට පෙරළිකාර අත්දැකීමක් ගෙනඑමින් මෙරට විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස්‌ මෝටර් කම්පැනි (ප්‍රයිවට්‌) ලිමිටඩ් විසින් සංවිධාන කළ 'පල්සර් ඩෙයාවෙන්චර්' රියැලිටි වැඩසටහනේ අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා (20) අවසන් වුණා. එහි ජයග්‍රහණය හිමිවුණේ ධනුෂ්ක චන්දිමාල්ට වන අතර ඒ අනුව ඔහු නවීන පන්නයේ පල්සර් 200NS යතුරු පැදියේ ජයග්‍රාහකයා බවටද පත්වුණා.

ක්‍රියාදාමයන් හා ත්‍රාසය මසුවුණු පල්සර් ඩෙයාවෙන්චර් රියැලිටි වැඩසටහන පුරා මාස 3කට අධික කාලයක් ITN ඔස්සේ විකාශය වුණු අතර ශ්‍රී ලංකාවේ සිව් කොණින් මේ සඳහා තරඟකරුවන් 5000කට අධික පිරිසක් සහභාගී වුණා.

ඉහළම රසික ප්‍රතිචාරයක් ලබාගත් 'පල්සර් ඩෙයාවෙන්චර්' හි අවසන් මහා තරඟයේ දෙවන ස්ථානය හිමිකරගන්නට සමත්වුණේ චාමර තිලක් කුමාර වන අතර ඔහුට හිමිවුණේ පල්සර් 160NS යතුරු පැදියක් වන අතර තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකරගත් බෝසර මලිත් හට පල්සර් 135LS වර්ගයේ යතුරුපැදියකට හිමිකම් කියනු ලැබුවා. එමෙන්ම මෙම ජයග්‍රාහකයින් සියළුම දෙනාම මුදල් තෑගී මෙන්ම ජීවිත රක්ෂණාවරණයන්ද මෙහිදී හිමිවුණා.

අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රධානය කිරීම සිදුවුණේ සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අතිනුයි. පහතින් දැක්වෙන්නේ අවසන් මහා තරඟයේ සම්පූර්ණ වීඩියෝව හා ඡායාරූප එකතුවයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News