Citizen.lk
OPPO
 

පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට

පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට | south africa winning test match
Fri 30 December 2016 10:41 pm
1,408 views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩාම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 206ක දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

ලකුණු 488ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට හා දෙවැනි ඉනිමට පිළිවෙළින් ලකුනු 286ක් හා 406ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම් ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ පිළිවෙළින් ලකුණු 205ක් හා 281ක් පමණි. 

තරගයේ ජයත් සමගින් තරග තුනකින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 1- 0ක් ලෙස පෙරමුණ  ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වූයේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 2 දා කේප් ටවුන්හිදී ආරම්භවීමට නියමිතය.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x